Home / About

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) යටතේ ඇති අංශයන්

  • ආයතන අංශය
  • පාලන අංශය
  • නීති අංශය
  • සංවර්ධන අංශය
  • සංඛ්‍යාලේඛන අංශය
  • 6. තොරතුරු තාක්ෂණ අංශය

  • ආයතන අංශය- කාර්යයන්


  • දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී තනතුරට අදාල සියඵම ආයතනික කටයුතු.
  • වාහන බලපත්‍ර හිමි දකුණු පළාත තුළ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා වෙළඳ ආයෝජන හා ප්‍රතිපත්ති චක්‍රලේඛ අනුව සහනදායි පදනම මත වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කටයුතු
  • දකුණු පළාත් රාජ්‍ය සේවයේ වෛද්‍ය සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, සංවර්ධන නිලධාරි සේවය, රාජ්‍ය කලමනාකරණ සේවය, සහ දෙපාර්තමේන්තුගත නිලධාරින් කණිෂ්ඨ සේවකයින් නිලධාරින්ගේ පෞද්ගලික විදේශ නිවාඩු සම්බන්ධ කටයුතු සිදු කිරිම
  • දකුණු පළාත තුළ සේවය කරනු ලබන ශ්‍රි ලංකා පරිපාලන සේවය, ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය, ඉංජිනේරු සේවය, දකුණු පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර අධි ශ්‍රේණිය යන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ සියළු ආයතනික කටයුතු
  • ඉහත නිලධාරීන් සියළු ආයතනික කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සම්බන්ධීකරණ කටයුතු සමඟ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් සම්පූර්ණ කලයුතු අනෙකුත් ආයතනික කටයුතු.
  • දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන්ගේ සියළු ආයතන කටයුතු
  • දකුණු පළාත් සභාවේ සේවය කරන දෙපාර්තමේන්තු ගත නිලධාරීන්ගේ ආයතන කටයුතු
  • දකුණු පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ සියළුම ආයතන කටයුතු

  • පාලන අංශය -- කාර්යයන්


  • ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලැබෙන දෛනික තැපෑල අදාල අංශ වෙත නිසි පිරිදි යොමු කිරීම හා ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් යොමු කෙරෙන ලිපි කඩිනමින් බෙදා හැරීම.
  • දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනාගේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ, සභා ලේකම්ගේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු පස්දෙනාගේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ හා කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් හා වෙනත් මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒවාට අදාල සියලූම ආයතනික කටයුතු.
  • බෝගහපැලැස්ස හා මයුරපුර නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල සියලු කටයුතු
  • දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල වාහන වෙන්දේසි කිරීම හා අපහරණ කිරීමට අදාල කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාහන වෙන් කිරීම, නඩත්තු කිරීම ආදී වාහන සම්බන්ධ සියලු කටයුතු
  • වාහන අනතුරු සම්බන්ධ සියලු කටයුතු
  • දුම්රිය බලපත්‍ර හා අග්‍රහාර රක්ෂණ හිමිකම් ගෙවීමට අදාල කටයුතු
  • දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල අතිකාල, නිවාඩු දින වැටුප් ගෙවීමට අදාල කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට අදාල සම්බන්ධ සියලු කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ ඇප තැන්පත් සම්බන්ධ කටයුතු.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ආපදා ණය හා දේපළ ණය සම්බන්ධ සියලු රාජකාරී කටයුතු සිදු කිරීම
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු සම්බන්ධ සියලු කටයුතු.
  • ප්‍රදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරන ලද සංවර්ධන නිලධාරීන්ගේ හා පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු හා සම්බන්ධ සියලු ආයතනික කටයුතු.
  • දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් (වාර්ෂික ස්ථාන මාරුවීම්, සුහද ස්ථාන මාරුවීම්, විනය හේතු මත සිදු කරන ස්ථාන මාරුවීම් හා තාවකාලික අනුයුක්ත කිරීම්) වලට අදාල සියළුම කටයුතු සිදු කිරීම..
  • දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් වලට අදාල දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වාගෙන යාම..
  • ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සේවක පුරප්පාඩු වාර්තාව මාසිකව සකස් කිරීම.
  • ලේඛනාගාරයට විධිමත්ව පවත්වාගෙන යාම හා නඩත්තු කටයුතු.
  • ISO හා ඵලදායීතා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම
  • වාහන අනතුරු සම්බන්ධ සියලු කටයුතු
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරක්ෂක, සනීපාරක්ෂක සේවාවන් හා නඩත්තු වලට අදාල සියලු කටයුතු.
  • දකුණු පළාතේ සියලූම නිලධාරීන්ගේ හදිසි අනතුරු වන්දි ගෙවීම සම්බන්ධ සියලු රාජකාරි කටයුතු සිදු කිරීම.
  • • ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් නිල නිවාස සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු

  • නීති අංශය- කාර්යයන්


  • දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නඩු කටයුතු සඳහා නීති සහය ලබා දීම.
  • දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළව නෛතික ගැටලු සඳහා නීති උපදෙස් ලබා දීම.
  • දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ සියලුම ආයතනවල ප්‍රඥප්ති සකස් කිරීම.
  • දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ සියලුම ආයතනවල බදු ගිවිසුම් සකස් කිරීම.

  • සංවර්ධන අංශය - කාර්යයන්


  • දකුණු පළාත් සංවර්ධන සැලැස්ම යටතේ විශේෂ ,තුලිත හා පසුබට කලාප සංවර්ධන වැඩසටහන් වලට අදාළ සම්බන්ධීකරණ කටයුතු
  • දකුණු පළාත් සභාව තුළ ඉඩම් අත්පත් කිරීමේ ක්‍රියාවලිය
  • දකුණු පළාත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම
  • මධ්‍යම රජයේ හා පළාත් සභාවේ විදේශීය ආධාර ලබන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාල සම්බන්ධීකරණ කටයුතු (ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැඩසටහන් , ග්‍රාමීය පාලම් ඉදිකීරීමේ ව්‍යාපෘති ආදී).
  • පාර්ලිමේන්තු සහ පළාත් සභා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම
  • ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ සම්බන්ධීකරණ කටයුතු
  • අගමැති කාර්යාලයෙන් / ජනාධීපති කාර්යාලයෙන් / පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් / අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් සහ මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු
  • දකුණු පළාත් සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ පහසුකම් සැපයීමට අදාල කටයුතු
  • මධ්‍යම රජයේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමට අදාල කටයුතු
  • නව පළාත් පාලන ආයතන සංස්ථාපනය හා පවත්නා පළාත් පාලන ආයතන ශ්‍රේණිගත කිරීමට අදාල කටයුතු
  • පළාත් සභාවේ හෝ මධ්‍යම රජයේ ප්‍රධාන ආයතන හා අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු
  • තොරතුරු දැනගැනී‍මේ පනතට අදාළ සියළු කටයුතු සම්බන්ධීකරණ
  • ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විවිධ මෙහෙයුම් කමිටු වලට අදාළ සම්බන්ධීකරණ කටයුතු (දකුණු පළාත් ළමා මෙහෙයුම් කමිටුව , දකුණු පළාත් ජල කමිටුව ආදී)
  • ආපදා කළමනාකරණ , ළමා හා කාන්තා ,වාරිමාර්ග හා සංචාරක ක්ෂේත්‍ර වලට අදාල සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය
  • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය ඉදිකිරීම් වලට අදාල කටයුතු.
  • ජනපතිට කියන්න වැඩසටහන යටතේ මහජන පැමිණිලි වලට අදාල තොරතුරු අන්තර්ජාලය මගින් කඩිනමින් අදාල ආයතන වලට යොමු කිරීම .
  • දේශීය ණය අරමුදල සම්බන්ධ කටයුතු
  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන විශේෂිත සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය
  • දකුණු පළාතේ ක්‍රියාත්මක විශේෂ ආගමික / පළාතේ ජාතික උත්සව සම්බන්ධීකරණ කටයුතු.
  • ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඉදිරිපත් වන සංවර්ධන යෝජනාවලට අදාල කටයුතු සම්බන්ධීකරණය

  • සංඛ්‍යාලේඛන අංශය - කාර්යයන්


  • වාර්ෂික සංඛ්‍යානමය නිබන්ධනය සකස් කිරීම
  • දකුණු පළාතේ වැදගත් තොරතුරු නිර්මාණාත්මකව ඉදිරිපත් කිරිම
  • පළාත් සභා කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම
  • දකුණු පළාතේ මාණ්ඩලික නිලධාරීන්ගේ දුරකථන අංක අඩංගු දුරකථන නාමාවලිය සකස් කිරීම.
  • සංඛ්‍යාන දත්ත පත්‍රිකාව සකස් කිරීම (ඉංග්‍රීසියෙන්)
  • දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම.
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන වාර්ෂික හා අර්ධ වාර්ෂික රාජ්‍ය සේවක තොරතුරු සමීක්ෂණය.

  • තොරතුරු තාක්ෂණ අංශය - කාර්යයන්


  • යෙදුම් මෘදුකාංග සහ තොරතුරු පද්ධති සංවර්ධනය, පරිශීලක පුහුණුව සහ නඩත්තුව.
  • වෙබ් අඩවි සහ වෙනත් වෙබ් පාදක යෙදුම් මෘදුකාංග සංවර්ධනය කිරීම.
  • මූල්‍ය කළමනාකරණය සහ ගිණුම්කරණ යෙදුම් මෘදුකාංග සංවර්ධනය කිරීම
  • මානව සම්පත් කළමනාකරණ යෙදුම් මෘදුකාංග සංවර්ධනය කිරීම
  • ගබඩා කළමනාකරණ යෙදුම් මෘදුකාංග සංවර්ධනය කිරීම
  • පොදු දත්ත පද්ධතිය සංවර්ධනය, යාවත්කාලීන කිරිම හා පවත්වාගෙන යාම
  • පරිශීලක ආධාරක පද්ධති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • ආයතනයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය සහ ව්‍යාපෘති කළමනාකරණය
  • තොරතුරු තාක්ෂණ උපකරණ, පද්ධති සහ සේවා ලබා ගැනීමේදී ඇගයීම් වාර්තා සකස් කිරිම.
  • කෙටි පණිවුඩ සේවාව සැපයීම.
  • ආයතනයේ පරිගණක පද්ධතිවල ප්‍රතිවෛරස් මෘදුකාංග යාවත්කාලීන කිරිම
  • ආයතනයේ පරිගණක නඩත්තුව සහ උපදේශන සේවා..
  • ආයතනයේ මුහුණු පොත යාවත්කාලීන කිරිම සහ පවත්වාගෙන යාම.
  • ආයතනික දැක්ම

    ආංශික විවිධත්වය ඒකීය පරමාර්ථයක් කරා මෙහෙයවන කාර්යක්ෂම හා සඵලදායී පාලන අංශයක්

    ආයතනික මෙහෙවර

    මානව, මූල්‍ය හා භෞතික සම්පත් නිසි ප්‍රතිපත්ති සහ චක්‍ර ලේඛවලට අනුකූල අයුරින් මෙහෙයවීම හරහා වඩාත් අර්ථාන්විත පළාත් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම.



    නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
  • රනිල් වික්‍රමසේකර මයා
  • දුරකථන අංකය
  • ෆැක්ස්
  • ජංගම දුරකථන අංකය
  • අප ආයතනයේ විවිධ සේවාවන්

    බාගත කිරිම්
    බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ බාගත කිරිම්

    චක්‍රලේඛ බාගත කිරිම්
    චක්‍රලේඛ බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ චක්‍රලේඛ බාගත කිරිම්

    අයදුම්පත්‍ර බාගත කිරිම්
    අයදුම්පත්‍ර බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ අයදුම්පත්‍ර බාගත කිරිම්

    නිතර අසන පැන
    FAQ

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය නිතර අසන පැන