Home / About

ආයතනයේ පසුබිම


දකුණු පළාත තුළ විධිමත් මුල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ගේ ප්‍රධානතම කාර්යය භාරය වේ. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) යටතේ පළාත් භාණ්ඩාගාරයට අයත් ගිණුම් හා ගෙවිම්, අයවැය සහ මුදල් යන දෙපාර්තමේන්තු 03 ගැනෙන අතර, ඊට අමතරව ගිණුම් හා සැපයුම් අංශයන්හි අධීක්ෂණය හා පාලනය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) යටතේ සිදුවේ.

පළාත් භාණ්ඩාගාරයට අයත් දෙපාර්තමේන්තු 03 අධ්‍යක්ෂවරුවන් තිදෙනෙකු යටතේ පාලනය වන අතර, ගිණුම් අංශය හා සැපයුම් අංශය ගණකාධීකාරීවරුන් දෙදෙනෙකු යටතේ පාලනය වේ. ඊට අමතරව දෙපාර්තමේන්තු 03 හි කළමනාකරණ සේවා නිලධාරීන් 11 දෙනෙකුගෙන්ද, සංවර්ධන නිලධාරීන් 20 දෙනෙකුගෙන්ද , තොරතුරු තාක්ෂණ සේවා නිලධාරීන් 02 ක්ද, කාර්යාල සේවක සේවයේ නිලධාරින් 04 දෙනෙකුගෙන්ද සමන්විත කාර්ය මණ්ඩලයක් මානව සම්පත වශයෙන් පවතී.

මීට අමතරව ගිණුම් අංශය කළමනාකරණ සේවා නිලධාරීන් 06 දෙනෙකුගෙන්ද, සංවර්ධන නිලධාරීන් 07 දෙනෙකුගෙන්ද , කාර්යාල සේවක සේවයේ නිලධාරීයෙකුගෙන්ද සමන්විත වන අතර සැපයුම් අංශය කළමනාකරණ සේවා නිලධාරීන් 03 දෙනෙකුගෙන්ද , සංවර්ධන නිලධාරීන් 03 දෙනෙකුගෙන්ද, කාර්යාල සේවක සේවයේ නිලධාරීයෙකුගෙන්ද සමන්විත වේ.

ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ගේ නායකත්වයෙන් ඉහත කාර්ය මණ්ඩලය සමග දකුණු පළාත තුළ විධිමත් මුල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනිම පළාත් භාණ්ඩාගාරයේ ප්‍රධාන අරමුණ වේ.




ආයතනික දැක්ම

මූල්‍ය විනයක් සහිත දකුණු පළාතක් නිර්මාණය කිරීම සඳහා ආධාර සැපයිම

ආයතනික මෙහෙවර

දකුණු පළාතේ පිහිටුවා ඇති අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය මග පෙන්වීම්, මූල්‍ය නියාමනය සහ උපදේශන සේවා සැපයිම

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) - කාර්යයන්

ගිණුම් හා ගෙවිම් දෙපාර්තමේන්තුව

පළාත් අරමුදලේ ගිණුම් තැබීම හා අදාල පොත්පත්/ ලේඛන හා ගිණුම් පවත්වා ගැනීම.

අග්‍රිම නිකුත් කිරීම හා පාලනය.

මාසික පළාත් භාණ්ඩාගාර ගිණුම් වාර්තා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්/ ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම හා පාලන කටයුතු.

සේප්පුවල අනු යතුරු තබා ගැනීම.

මහා භාණ්ඩාගාරය හා පළාත් සභා අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම.

විදේශාධාර ගිණුම් සම්බන්ධ කටයුතු.

අග්‍රිම සීමා නියම කිරීම.

ගිණුම් ප්‍රසිද්ධ කිරීම.

පළාත් අරමුදලේ ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

පළාත් හදිසි අවස්ථා අරමුදලේ කටයුතු.

ගිණුම් ඒකාබද්ධ කිරීම.

පළාත් සභා අරමුදලේ මුදල් පරිපාලනය.

අතිරික්ත මුදල් ආයෝජනය.

රාජකාරි බැංකු ගිණුම් පාලනය.

ආදායමෙන් ආපසු ගෙවීම සම්බන්ධ කටයුතු.

ප්‍රදාන ලබා ගැනීම.

අයවැය දෙපාර්තමේන්තුව

වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම.

විසර්ජන ප්‍රඥප්තිය පිළියෙල කිරීම.

පරිපූරක ඇස්තමේන්තු පිළිබඳ කටයුතු.

සේප්පුවල අනු යතුරු තබා ගැනීම.

අයවැය කළමනාකරණය හා පාලනය.

ප්‍රතිපාදන මාරු කිරීම.

සේවක සංඛ්‍යා තොරතුරු තබා ගැනීම හා පාලනය.

අයවැය දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය.

ඇස්තමේන්තු ලබා ගැනීම හා පරීක්ෂාව.

අයවැය හා සැලසුම් කමිටු.

පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම හා ප්‍රතිපාදන සැලසීම.

අයවැය සාකච්ඡා පැවැත්වීම.

වොරන්ට් බලපත්‍ර නිකුත් කිරීම.

අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කිරීම.

ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හා සැලසුම් තොරතුරු තබා ගැනීම.

පළාත් සභා සැලසුම්, අරමුණු, ඉලක්ක හා කාර්ය සාධන ලබා ගැනීම හා පවත්වා ගැනීම.

අතිරික්ත වියදම් හා අත්තිකාරම් ගිණුම්වල සීමා ඉක්මවීම් හා අවම සීමාවලට ළඟා නොවීම් පිළිබඳ කටයුතු.

අයවැය සීමා ඉක්මවීම හා සීමාවලට ළඟා නොවීම සඳහා අනාවැකි ලබා ගැනීම.

අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන.

ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම.

ආදායම් ඇස්තමේන්තු ප්‍රතිශෝධනය.

ආදායම් රැස්කිරීම් පිළිබඳ ප්‍රගති සමාලෝචන කටයුතු.

ආදායම් වාර්තා පිළියෙල කිරීම.

ආදායම් දත්ත තබා ගැනීම හා විශ්ලේෂණය.

ආදායම් එකතු කිරීම.

ආදායම් ගිණුම් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම.

හිඟ ආදායම් ගිණුම් පවත්වාගෙන යාම.

පළාත් පාලන ආයතනවලට යැවිය යුතු මුද්දර ආදායම් හා උසාවි දඩ පිළිබඳ ලේඛන නඩත්තු කිරීම.

මුදල් කොමිෂන් සභාව සමඟ සම්බන්ධීකරණ කටයුතු.

පළාත් කාර්යසාධන වාර්තාව පිළියෙල කිරීම.

මුදල් දෙපාර්තමේන්තුව

මූල්‍ය රීති පැනවීම හා සංශෝධනය සහ අධීක්ෂණය, අර්ථකථනයට සහාය ලබා දීම.

පළාත් සභා දේපල පරිපාලනය.

විගණන විමසුම් ලේඛනය පවත්වා ගැනීම හා ප්‍රගති සමාලෝචන කටයුතු.

විගණකාධිපතිගේ විගණන වාර්තා හා කෙටුම්පත් වාර්තා පිළිබඳ කටයුතු.

පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාවේ කටයුතු.

පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභා වාර්තා පිළිබඳ කටයුතු.

පළාත් සභාවෙන් බැහැර අරමුදල් පාලනය.

පළාත් සභා නිලධාරීන්ගේ ඇප.

මූල්‍ය කටයුතුවල කාර්යසාධනය හා කාර්යඵල ඇගයීම.

පළාත් සභා ආකෘති පත්‍ර පාලනය හා නව ආකෘති පත්‍ර හඳුන්වා දීම.

දීමනා අනුමැතියට යැවීම පිළිබඳ කටයුතු.

විදේශාධාර හා ණය ප්‍රතිපාදන කටයුතු.

ණය ලබා ගැනීම හා ආපසු ගෙවීම.

බලතල පැවරීම පිළිබඳ කටයුතු.

සමීක්ෂණ මණ්ඩල හා කපා හැරීම්.

අලාභ, අත්හැරීම්, කපා හැරීම් හා වන්දි ගෙවීම්.

දේපල අලෙවිය හා බැහැර කිරීම.

ගිණුම් ක්‍රම සංවර්ධනය.

විගණන විමසුම් පිළිබඳ කටයුතු සඳහා වූ විගණන විමසුම් ලේඛන පවත්වා ගැනීම.

ප්‍රසම්පාදන පිළිබඳ මූල්‍ය කළමනාකරණ කටයුතු.

ප්‍රසම්පාදන මණ්ඩල පත්කිරීම සම්බන්ධ කටයුතු.

ගිණුම් අංශය

ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියලු ගෙවීම් කටයුතු සිදු කිරිම

කාර්යාලයේ නිලධාරින්ගේ වැටුප් ගෙවිම් , වැටුප් විස්තර ලබාදිම, නොඉල්ලුම් සහතික ලබාදිම, වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවිම් විස්තර ලබාදීම.

කාර්යාලයීය නිලධාරින් සඳහා රජයේ නිලධාරින්ගේ අත්තිකරම් ගිණුම් කටයුතු.

ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාර්ෂික විසර්ජන ගිණුම සකස් කිරිම

ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරිම

ද.ප. සංවර්ධන සැලැස්ම යටතේ වෙන්වි ඇති ප්‍රතිපාදන නිදහස් කිරිම

සාමුහික ප්‍රතිපාදන නිදහස් කිරිම

කාර්යාලයේ විගණන විමසුම් ලේඛනය පවත්වාගෙන යාම හා සියලු විගණන විමසුම් වලට පිළිතුරු සකස් කිරිම, විගණකාධිපති වාර්තාව හා ගිණුම් කාරක සභා සම්බන්ධ විමසුම් සඳහා පිළිතුරු ලබාදිම

ප්‍රධාන ලේකම් කාර්යාලයේ Cigas වැඩ සටහන ක්‍රියාත්මක කිරිම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධ ගිණුම් සාරාංශය සකස් කිරිම

කාර්යාලයේ බැංකු සැසඳුම් සකස් කිරිම හා ප්‍රාදේශිය කාර්යාලයන්හි සකස් කරන ලද බැංකු සැසඳුම් පරික්ෂා කිරිම්

උපයන විට ගෙවිම් ලේඛනය පවත්වාගෙන යාම හා අදාළ බදු අයකිරිම් සිදු කිරිම

VAT බදු අයකිරිම් වාර්තා සකස් කිරිම

පළාත් ගබඩාව පවත්වාගෙන යාම හා ඊට අදාළ සියලු රාජකාරි.

ප්‍රධාන ලේකම් කාර්යාලය, බෝගහපැලැස්ස , මයුරපුර නිවාඩු නිකේතනය , මන්ත්‍රි නේවාසිකාගාර හා නිල නිවාස සම්බන්ධ භාණ්ඩ සමීක්ෂණ කටයුතු .

ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන හා අග්‍රිම ලබාදිම

ස්ථාවර වත්කම් කළමනාකරණය

සැපයුම් අංශය

සැපයුම් අංශය විසින් ප්‍රධාන ලේකම් කාර්යාලයට හා දකුණු පළාත් සභාවේ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ/ පාරිභෝගික භාණ්ඩ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කරමින් ලබා ගැනීම

ප්‍රධාන ලේකම් කාර්යාලයට මිලදී ගෙන ඇති ප්‍රාග්ධන භාණ්ඩ නඩත්තු කටයුතු සිදු කිරීම හා සේවා ගිවිසුම් වලට එළඹීම සිදු කරනු ලබයි.

මෙයට අමතර වශයෙන් මෙම වසර තුළ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රම වේදය දකුණු පළාත් සභාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීම,

දකුණු පළාත් සභාව සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය / ලියාපදිංචි ලේඛන පවත්වා ගෙන යාම/ ප්‍රසම්පාදන කටයුතුවලට අදාල අසාදු ලේඛන පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.



නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
  • එන්. එම්. ඒ. අමරදේව මයා
  • දුරකථන අංකය
  • ෆැක්ස්


  • -->

    අප ආයතනයේ විවිධ සේවාවන්

    බාගත කිරිම්
    බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ බාගත කිරිම්

    චක්‍රලේඛ බාගත කිරිම්
    චක්‍රලේඛ බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ චක්‍රලේඛ බාගත කිරිම්

    අයදුම්පත්‍ර බාගත කිරිම්
    අයදුම්පත්‍ර බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ අයදුම්පත්‍ර බාගත කිරිම්

    නිතර අසන පැන
    FAQ

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය නිතර අසන පැන