Home / About

ආයතනයේ පසුබිම පිරිස් අංශය


දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ මානව සම්පත් කළමනාකරණය හා සංවර්ධනය, සම්බන්ධීකරණයට අදාල රාජකාරි පිරිස් අංශය හරහා සිදු වේ. ද.ප.අභ්‍යන්තර විගණන නිලධාරී සේවය, දකුණු පළාත් ද.ප.සංවර්ධන නිලධාරී සේවය, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය, ද.ප.කාර්යාල කාර්ය සහායක සේවය,ද.ප.රියදුරු සේවය හා ද.ප.තොරතුරු තාක්ෂණ නිලධාරී යන සේවාවන් සඳහා නිලධාරීන් බදවා ගැනීම්, දකුණු පළාත් ගරු අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, අනියම්, ආදේශක, ‍කොන්ත්‍රාත්,සහන‍ සේවා පදනම මත බඳවා ගැනීමට අදාල කටයුතු, දකුණු පළාත් රාජ්‍ය සේවයේ සියළුම සේවාවන්ට අයත් බඳවා ගැනීම් පටිපාටි සම්බන්ධ කටයුතු , කාර්ය මණ්ඩල සමාලෝචනය, නව තනතුරු අනුමත කිරීම, දකුණු පළාත් රාජ්‍ය සේවයට අයත් ප්‍රධාන ලේකම් පත්වීම් බලධාරියා වන සියළුම නිලධාරීන්ගේ විනය කටයුතු, දකුණු පළාත් රාජ්‍ය සේවයේ සියළුම සේවාවන්හි පුරප්පාඩු සම්බන්ධ කටයුතු, රාජකාරි විදේශ නිවාඩු අනුමැතිය ලබා දීම, සේවක පුහුණුව සහ සංවර්ධනය යනා දී වූ කටයුතුවල නිරත වෙමින් ඵලදායිව හා කාර්යක්ෂමව මානව සම්පත් කළමනාකරණය තුළින් දකුණු පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනය වැඩි දියුණු කිරීම උදෙසා සිය කාර්ය භාරය ඉටු කරනු ලබයි.

දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) යටතේ මෙම අංශය පවතින අතර ගණන් දීමේ නිලධාරී ලෙස නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) කටයුතු කරනු ලබයි.

ආයතනයේ පසුබිම කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය, දප


1990.02.28 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/90, 1990.03.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/90 සහ 2001.05.09 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2001 යටතේ විස්තර කර ඇති ජාතික රාජ්‍ය සේවා පුහුණු ප්‍රතිපත්තිය, කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකක පිහිටුවීම සහ දකුණු පළාත් සභා ප්‍රඥප්ති අනුව, දකුණු පළාත් ඒකාබද්ධ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘතියේ සහ දකුණු පළාත් සභා මූල්‍ය ආධාර මත 2000 අප්‍රේල් මස 07 වන දින ආරම්භ කරන ලද මෙම ආයතනය දකුණු පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සහ දකුණු පළාත් බල ප්‍රදේශය තුළ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු කටයුතු වඩාත් කාර්යක්ෂමව හා උසස් ගුණාත්මකභාවයෙන් යුතුව සිදුකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අනුබද්ධිත ආයතනයක් වන අතර, දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් හා දකුණු පළාත් ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් මගින් පරිපාලනයට අදාළ තීරණ ගැනීම හා කළමනාකරණය සිදුවේ.

ඒ අනුව, දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් දකුණුු පළාත් ප්‍රධාන ලේකම්වරයා කටයුතු කරන අතර ගණන් දීමේ නිලධාරියා වශයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කටයුතු කරනු ලැබේ..




ආයතනික දැක්ම

යහපත් රාජ්‍ය පාලන මූලධර්ම හා උපායමාර්ගික කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් මානව සම්පත නිසි ලෙස කළමනාකරණය තුළින් සෞභාග්‍යමත් දකුණු පළාතක් බිහි කිරීම.

ආයතනික මෙහෙවර

ඵලදායීව හා කාර්යක්ෂමව මානව සම්පත් කළමනාකරණය තුළින් දකුණු පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනය වැඩිදියුණු කිරීම.

දැක්ම කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය

ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය බවට පත් වීම.

මෙහෙවර කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම වෙනුවෙන් දකුණු පළාතේ මානව සම්පත වැඩි දියුණු කිරීමෙහි ලා පොදු, පෞද්ගලික, සේවාමය හා ආයතනික අවශ්‍යතා මත පදනම්ව ඉහළ මට්ටමේ ගුණාත්මකතාවයකින් යුතු පුහුණු හා උපදේශන සේවා සැපයීම, කළමනාකරණ සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වාදීම තුළින් පළාතේ තිරසාර සංවර්ධනයට දායක වීම.

ආයතනික කාර්යයන්

පුහුණු කටයුතු.

විනය කටයුතු.

විමර්ශන සංචිතය යාවත්කාලීන කරමින් පවත්වාගැනීම.

ප්‍රශස්ත කාර්යමණ්ඩල බඳවාගැනීම.

ඵලදායීතාවය හා අන්තර්ජාතිකප්‍රමිතීන් භාවිතය.

තොරතුරු පනත ක්‍රියාවටනැංවීම.

මූල්‍ය කළමනාකරණය.

සාමාන්‍ය පාලනය හා ආයතනකටයුතු.

දුක්ගැනවිලි කළමනාකරණය.

උපායමාර්ගික සැලසුම්කරණය.



නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
  • දිලේඛා කුඩාච්චි මිය
  • දුරකථන අංකය
  • ෆැක්ස්
  • ජංගම දුරකථන අංකය
  • විද්‍යුත් තැපැල් ලිපිනය


  • අප ආයතනයේ විවිධ සේවාවන්

    බාගත කිරිම්
    බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ බාගත කිරිම්

    චක්‍රලේඛ බාගත කිරිම්
    චක්‍රලේඛ බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ චක්‍රලේඛ බාගත කිරිම්

    අයදුම්පත්‍ර බාගත කිරිම්
    අයදුම්පත්‍ර බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ අයදුම්පත්‍ර බාගත කිරිම්

    නිතර අසන පැන
    FAQ

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය නිතර අසන පැන