Home / About

ආයතනයේ පසුබිම


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් පැවරී ඇති බලතල අනුව හා 1987 අංක 47 දරන පළාත් සභා පනත යටතේ 1988 මැයි 12 වන දින පළමු රැස්වීම පවත්වමින් දකුණු පළාත් සභාව පිහිටුවා ඇත. ඊට සමගාමීව මුදල් කොමිෂන් සභාව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව දකුණු පළාතේ සියලුම සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ අරමුණින් දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලය පිහිටුවා ඇත.

දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලය යනු පළාතේ තිරසාර සංවර්ධනය සඳහා මග පෙන්වන්වමින්, සියලුම සංවර්ධන කටයුතු මුදල් කොමිෂන් සභාව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සියළු සංවර්ධන කටයුතු කළමනාකරණය සිදු කරනු ලබන දකුණු පළාතේ ප්‍රධාන ආයතනයයි.ඒ අනුව දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් ප්‍රධන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම්වරයා කටයුතු කරන අතර ගණන් දීමේ නිලධාරියා වශයෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා (සැලසුම් / මෙහෙයුම්) කටයුතු කරයි.




ආයතනික දැක්ම

තුලිත සංවර්ධනය තුළින් සෞභාග්‍යමත් දකුණක් කරා

ආයතනික මෙහෙවර

පළාත තුළ ඇති සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතය තුළින් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පළාතේ ක්‍රියාත්මක ආයතනයන්ට සහය ලබා දීම හා මඟපෙන්වීම

ආයතනික පරමාර්ථ

මුදල් කොමිසමේ ජාතික ප්‍රතිපත්ති හා මඟපෙන්වීම්වලට අනුගත වෙමින් පළාත් සැලසුම් ක්‍රියාවලිය පාලනය කිරීම.

විධිමත් මෙහෙයුම් ඇගයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම.

පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවල මෙන් ම අනෙකුත් පළාත් සභාවල සැලසුම් දෙපාර්තමේන්තු හා රේඛීය අමාත්‍යාංශවල සැලසුම් අගයන් සම්බන්ධීකරණය.

පළාතේ සහ විශේෂයෙන්ම අවධානයට ලක් නොවූ ප්‍රදේශවල දැවෙන ගැටළු සඳහා විසඳුම් සැපයීමේ අරමුණෙන් සැලසුම් ලේකම් කාර්යාලයීය මානව සම්පතෙහි ධාරිතාව සංවර්ධනය කිරීම.

ආයතනික සේවාවන්

දකුණු පළාත සඳහා වාර්ෂික සංවර්ධන ඉලක්කයන් හඳුනා ගැනීම, වාර්ෂික ක්‍රියාත්මක සංවර්ධන සැලැස්ම සකස් කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා ඇගයීම තුළින් අපේක්ෂිත ඉලක්කයන් කරා සංවර්ධන ව්‍යාපෘතීන් මෙහෙයවීම.

සංවර්ධන අරමුණු, උපාය මාර්ග, ක්‍රමවේද හඳුනා ගැනීම හා ප්‍රතිපත්ති නිර්දේශ සම්පාදනය.

ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදන අංශ සමග සම්බන්ධීකරණ හා තාක්ෂණික උපදෙස් ලබා ගැනීම තුළින් දකුණු පළාත සඳහා උචිත මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන රාජ්‍ය ආයෝජන වැඩසටහන් පිළියෙල කිරීම.

පළාත් අමාත්‍යාංශ, ආයතන හා අධිකාරී මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වාර්තා විශ්ලේෂණය කිරීම හා ඇගයීම තුළින් ඵලදායක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබා දිම.

පළාත තුළ ඇති සමාජ ආර්ථික තත්ත්වයන්, සම්පත් විභවතාවයන්, ගැටළු හා අවශ්‍යතාවයන් අධ්‍යනය කිරීම, විශ්ලේෂණය කිරීම හා තොරතුරු සම්පාදනය කිරීම.

පළාත තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා විදේශාධාර සපයන ආයතන වෙත ආයෝජන සැලසුම් සම්පාදනය කිරීම, ව්‍යාපෘති වාර්තා සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම.

පළාත් සංවර්ධන සැලැස්ම සැලසුම්කරණයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන සැලසුම් ඒකක සම්බන්ධීකරණය හා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීම



නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්)
  • විදුර ප්‍රසන්න මයා
  • දුරකථන අංකය
  • ෆැක්ස්
  • විද්‍යුත් තැපැල් ලිපිනය


  • අප ආයතනයේ විවිධ සේවාවන්

    බාගත කිරිම්
    බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ බාගත කිරිම්

    චක්‍රලේඛ බාගත කිරිම්
    චක්‍රලේඛ බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ චක්‍රලේඛ බාගත කිරිම්

    අයදුම්පත්‍ර බාගත කිරිම්
    අයදුම්පත්‍ර බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ අයදුම්පත්‍ර බාගත කිරිම්

    නිතර අසන පැන
    FAQ

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය නිතර අසන පැන