පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ රීති 79.4 යටතේ මනා යහ පරිපාලනයක් තුළින් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමට ප්‍රධාන ලේකම්ට සහය වීම සඳහා 2013 වර්ෂයේදී සිට දකුණු පළාත් සභාවේ සියළුම ආයතන වල අභ්‍යාන්තර විගණන කටයුතු කාර්යක්ෂම සිදුකරමින් දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි.
අපගේ දැක්ම |
අපගේ දැක්මවැරදි ,වංචා හා දූෂණ වලින් තොර වු යහපාලනයක් දකුණු පළාතේ ස්ථාපිත කිරීමට කටයුතු කරන විශිෂ්ටතම ආයතනය බවට පත්වීම. |
අපගේ මෙහෙවර |
අපගේ මෙහෙවරදකුණු පළාත් සභා අරමුදලේ මුල්‍යමය හා මූල්‍යමය නොවන කටයුතු, වංචා, දූෂණ හා වැරදි ඇති නොවන පරිදි මෙහෙයවීමට හා පළාත් සංවර්ධනය මනා විනිවිදභාවයකින් සිදු කිරීමට හැකි වන සේ පළාත් සභාවට අයත් සෑම ආයතනයකම අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම. |
අපගේ අගයයන් |
අපගේ අගයයන්ස්වාධීනත්ව/ අවංකබව /රහස්‍යභාවය / තාක්ෂණික ප්‍රමිත / වෘත්තීය හැසිරීම / විෂය මූලිකත්වය / වෘත්තීය ප්‍රවීණත්වය හා සුපරීක්ෂාකාරීත්වය / කණ්ඩායම් හැඟිම |
වැරදි වංචා වැලැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රම සැකසීම අතින් මෙන්ම සත්‍යම ක්රියාකෘරීත්වය අතින් සාර්ථක දැයි සොයා බැලීම.
ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.
කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටු කිරී මෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකභාවය ඇගයීම.
පළාතේ සියලු ආයතනවල වත්කම් සියලුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා වේ දැයි සොයා බැලීම.
පළාත් සභා ප්රඥප්ති , රජයේ මුදල් රෙගුලාසි, රජයේ ආයතන සංග්‍රහය, පළාත් මූල්‍ය රීති, කාර්ය පටිපාටික රිති, ගරු ආණ්ඩුකාරවරයා විසින් අදාල කරගනු ලබන ප්‍රධාන ලේකම් චක්‍රලේඛ, රාජ්‍ය පරිපාලන හා භාණ්ඩාගාර චක්‍රලේඛ හා උපදෙස් අනෙකුත් අණ පනත් හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපදිනු ලැබේ දැයි සොයා බැලීම.
අභ්‍යන්තර විගණන පරීක්ෂණ ඇසුරින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන් දීමේ නිලධාරීන් පදනම් කරගෙන ත්‍රෛයිමාසික වාර්තාවක් සකස් කර විගණකාධිපති හා ප්‍රධාන ලේකම්ට පිටපතක් සහිතව ගරු ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීම.
අභ්‍යන්තර පාලනය දුර්වල ආයතන වල අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිළධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.
පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ හා අභ්‍යන්තර විගණන ඒකක වල කාර්යමණ්ඩලයට දැනුම නව තාක්ෂණය හා ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා නිරන්තරයෙන් පුහුණු කිරීම් සංවිධානය කිරීම.
නාස්තිය නිෂ්කාර්යය ධාරිතාව හා අරපිරිමැස්මෙන් තොරව කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම ඒවා අනාවරණය කර ගැනීමට ගෙන ඇති අභ්‍යන්තර පාලන ක්රමයේ සාර්ථකත්වය සොයා බැලීම.
පළාත් සභාවේ ආයතනවල ගිණුම් පටිපාටිය හා කිසියම් මුදල් වැය වීමට තුඩුදෙන එකී මෙහෙයුම් පරික්ෂා කිරීම හා ආයතනවල දේපල හා වගකීම් ආරක්ෂාකාරී ලෙස අර පිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේ දැයි සොයා බැලීම.
අවශ්‍ය අවස්ථාවල විශේෂ විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
විගණකාධිපතිවරයා විසින් පළාත් සභාවේ විවිධ ආයතන සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන විගණන විමසුම් අවම කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම.
සෑම මුදල් වර්ෂයක් වෙනුවෙන්ම පළාත සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වැඩසටහනක් පිළියෙල කොට ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගෙන ගරු ආණ්ඩුකාරතුමාට පිටපතක් සහිතව විගණකාධිපති වෙත යැවීම හා එම වැඩසටහන අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන කටයුතු මෙහෙයවීම.
අභ්‍යන්තර පාලනය දුර්වල ආයතන වල අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිලධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.
පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වල විගණන කළමනාකරණ කමිටුවල නිත්‍ය සමාජිකයෙකු ලෙස සහභාගී වීම.
පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා කටයුතුවලදී හා පළාත් අරමුදල් පිළිබඳ කාරක සභා කටයුතුවලදී ප්‍රධාන ලේකම්වරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම.
පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා කටයුතුවලදී හා පළාත් අරමුදල් පිළිබඳ කාරක සභා කටයුතුවලදී ප්‍රධාන ලේකම්වරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම.
2020 – 2024 කාලය තුල පළාත් සභාවට අයත් සියළු ආයතන (1750 ) විගණනයට ලක් කිරීමත් එහිදී අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු, කලාප කාර්යාල, ව්‍යවස්ථාපිත අධිකාරී ආයතන, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වාර්ෂිකව විගණනයට ලක් වන ලෙස වාර්ෂික විගණන වැඩසටහනට සකස් කිරිම.
පළාත් සභාව සතු සියළු ආයතනවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමටත් නිලධාරීන්ගේ දැනුම වැඩි කර ගැනීමට හා අනවබෝධය නිසා සිදු වන වැරදි මඟ හරවා ගැනීමටත් අවශ්‍යම උපදෙස් හා මාර්ගෝපදේශ සැපයීම. පළාත් සභාවේ ආයතන මඟින් ඉදිරිපත් කරන සියළුම මූල්‍ය ප්‍රකාශ සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් පිරිසිදු මතයක් ( clean opinion ) ලබා ගැනීමට සහය වීම.