Home /
දකුණු පළාතේ නිෂ්පාදන වලට ජපාන වෙළෙඳපොළේ අලෙවි අවස්ථා...

දකුණු පළාතේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ජපාන වෙළෙඳ පොළට හඳුන්වා දීමේ මූලික සාකච්ඡාවක් දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී පසුගිය දා පැවැත්විණි. මෙම සාකච්ඡාව දකුණු පළාත් ගරු ආණ්ඩුකාර වර ආචාර්ය විලී ගමගේ මැතිතුමා සහ ජපානයේ ෆෙයාර් ෆුඩ් සංවිධානයේ සභාපති මසුයුකි කියෝටා මහතා සමග පැවැති අතර එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා , කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති එස්.වී. පී. ආනන්ද මහතා, කාර්මික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහ ජපාන නියෝජිත පිරිසක් සහභාගි වූහ. මෙහිදී දකුණු පළාතේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ජපාන වෙළෙඳ පොළට හඳුන්වා දීම සඳහා 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ දී අලෙවි ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් ඒ සඳහා ජපාන ව්‍යාපාරිකයන් සහභාගි කරවීමටත් එකඟතාවය පළ විය මේ දේශීය වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමට මෙන්ම පළාතේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොලේ අගයක් හා ඉහළ වටිනාකමක් ලබා ගැනීමට හැකි අනගි අවස්ථාවක් ලෙස සැලකිය හැකිය