දකුණු පළාත් සභාවේ සියළු ආයතන පරිපාලන මධ්‍යස්ථානය වන ප්‍රධාන ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ දකුණු පළාත් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි කාර්යයන් නිසි ලෙස ඉටු කරන්නනේ ද යන්න සහතික කිරිම ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සිදු කරයි. එම ආයතනවල වැඩසටහන් සම්බන්ධීකරණය, මූල්‍ය හා භෞතික සම්පත් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය සහ පුහුණු කාර්යයන් සිදු කිරිම ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සිදු කරයි.
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම් සහ බලතල ප්‍රධාන ලේකම්වරයා සතු වේ. 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 31 වන වගන්තිය යටතේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රධාන ලේකම්වරයා පත් කරනු ලබයි.
යහපාලනය සහ උපායමාර්ගික කළමනාකරණය භාවිතා කරමින් දකුණ සමෘද්ධිමත් පළාතක් බවට පත් කිරීම.
දකුණු පළාතේ මානව, භෞතික හා මූල්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව හා ආර්ථික වශයෙන් භාවිතා කිරීම තුළින් දකුණු පළාතේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය සහ ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම.
දකුණු පළාතේ සියලුම පරිපාලන කටයුතු සිදු කිරීම
වැඩසටහන් සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය සඳහා ආයතනික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම
පළාත් සංවර්ධනය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීම සඳහා මාර්ගෝපදේශය. ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් සහ වැඩ සම්බන්ධීකරණ ක්‍රියාකාරී සැලසුම් උපාය මාර්ග සංවර්ධනය කිරීම.
විමධ්‍යගත සැලසුම් අයවැය සහ වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා මග පෙන්වීම.
සමානාත්මතාවය
කාර්යක්ෂමතාවය
සපලතාවය
විනිවිදභාවය
සහභාගීත්වය
සදාචාරය
සන්නිවේදනය
කාර්ය සාධනය
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS