SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk
අප ගැන

පළාත් නිශ්චිත හා උපමාන පාදක සංවර්ධන සැලැස්මට අයත් නොවන ප්‍රධාන ලේකම් වැය ශීර්ෂය යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් / ව්‍යාපෘති සම්බන්ධිකරණය හා මෙහෙයවීම මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරයයි. එමෙන්ම විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන ව්‍යාපෘති, ග්‍රාමීය පාලම් හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආදී ව්‍යාපෘති සහ රේඛීය අමාත්‍යාංශ සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සෘජුවම මුදල් ලබා දෙන විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් ද මෙම අංශය මගින් සම්බන්ධීකරණය කෙරේ. එමෙන් ම සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය ද මෙම අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කාර්යයන් වේ. එමෙන් ම ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් යොමුවන මහජන ඉල්ලීම් හා පැමිණිලි සහ ප්‍රධාන ලේකම් වෙත සෘජුව යොමු වන මහජන ඉල්ලීම් හා පැමිණිලි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ද මෙම අංශය මගින් සිදු කෙරේ.

ගැටළුව යොමු කරන්න

(+94) 0912243296

     
ගැටළුව WhatsApp කරන්න

(+94) 0914944015

අපගේ දැක්ම, මෙහෙවර සහ අගයයන්
දැක්ම

“අභ්‍යන්තර හා භාහිර යන සියළු පාර්ශවයන් සමඟ විශ්වාසය විවෘත භාවය සහ මනා සංනිවේදනය මත පදනම්ව කාර්යක්ෂම හා සාර්ථක සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම ”

මෙහෙවර

“අභ්‍යන්තර හා භාහිර පාර්ශවයන් අතර විශ්වාසය, විවෘත සංනිවේදනය සහ කාර්යක්ෂම සහයෝගීතාවය උදෙසා ප්‍රභල සම්බන්ධීකරණ මාර්ගයක් ගොඩනඟා ගනිමින් ගැටළු විසදීම සහ සහයෝගීතාවයෙන් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය ලබා දීම”

අගයයන්

සාධාරණත්වය, කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාරාත්මකභවාය, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්
ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම.

ප්‍රධාන කාර්යයන්

විදේශ ආධාර මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු / පළාත් මෙහෙයුම් කමිටු පැවැත්වීම.

ප්‍රධාන කාර්යයන්

සංවර්ධන කාර්යයන් සඳහා දකුණු පළාත් සභාවේ ආයතනයන් වෙත ඉඩම් අත්පත් කර ගැනීම හා පවරා ගැනීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු.

ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම.

ප්‍රධාන කාර්යයන්

වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම ප්‍රගති වාර්තාව සකස් කිරීම.

ප්‍රධාන කාර්යයන්

දකුණු පළාත තුළ මහජන ඉල්ලීම් හා අවශ්‍යතා අනුව හඳුනා ගන්නා ව්‍යාපෘති

උප කාර්යයන්

දකුණු පළාතේ ආයතනවලින් යොමු කරන ඉල්ලීම් අනුව පළාත් කමිටු රැස්වීම් සංවිධානය කිරීම.

උප කාර්යයන්

පළාත් උත්සව සම්බන්ධීකරණ කටයුතු.

උප කාර්යයන්

කාලීන අවශ්‍යතා හා ගැටලු විසඳීමට අදාල රැස්වීම් පැවැත්වීම

උප කාර්යයන්

දකුණු පළාත තුළ මහජන ඉල්ලීම් හා අවශ්‍යතා අනුව ව්‍යාපෘති හඳුනා ගැනීම.

උප කාර්යයන්

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සම්බන්ධීකරණය.

උප කාර්යයන්

ආණ්ඩුකාර සංසදය හා පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ලා හා ප්‍රධාන ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡා සඳහා පළාතේ අදාල තොරතුරු යොමු කිරීම.

උප කාර්යයන්

දේශීය ණය සහ සංවර්ධන අරමුදලට අදාළව ඉදිරිපත් වන ණය අයදුම්පත් යොමු කිරීම.

උප කාර්යයන්

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට අදාල යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.

උප කාර්යයන්

වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම.

උප කාර්යයන්

ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමුවන මහජන ඉල්ලීම් හා පැමිණිලි සඳහා විසඳුම් ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු.

උප කාර්යයන්

මධ්‍යම රජය හා පළාත් සභා අමාත්‍යංශ හා දෙපාර්තමේනතු වලින් යොමු කරන ගැටළු, යෝජනා හා විසදුම් අඳාල ආයතන වෙත යොමු කිරිම හා විසදුම් ලබා දීම.

e-සේවාවන්

Our Staff Team

එච්. එල්. ජී. එස්. කාන්ති මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

091-2243296 0711030597

091-2243296 hlgskanthi@gmail.com


NW මලවිආරච්චි මිය

ප්‍රධාන කලමනාකරණ සේවා නිලධාරි


NGER කුමාරි මිය

කලමනාකරණ සේවා නිලධාරි


CJ සූරිආරච්චි මිය

සංවර්ධන නිලධාරි


GG සුලාශනි මිය

සංවර්ධන නිලධාරි


G ප්‍රදීපිකා මෙනවිය

සංවර්ධන නිලධාරි


මිහිරි අමරතුංගගේ මිය

සංවර්ධන නිලධාරි


CM විජේසේන මයා

සංවර්ධන නිලධාරි


SH ලියනගේ මිය

සංවර්ධන නිලධාරි


MGC ලක්මාල් මයා

කා.කා.සේ.


© 2025. All Rights Reserved. Designed by IT Unit, CS