ප්‍රධාන ලේකම්, දකුණු පළාත
ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන චන්දිම සී. මුහන්දිරම්ගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙකි.
ඔහු රුහුණු විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, ඉන්දියාවේ ගුරු ගෝබින්ද් සිං ඉන්ද්‍රප්‍රස්ත විශ්ව විද්‍යාලය (Guru Gobind Singh Indraprastha University [GGSIPU]) වෙතින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ප්‍රථම පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චන්දිම සී. මුහන්දිරම්ගේ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස සිය රාජකාරි දිවිය ආරම්භ කළ පරිණත රාජ්‍ය නිලධාරියෙකි.
ඒ මහතා සිය සේවා කාලය තුළ සහකාර ප්‍රාදේශීය ලේකම් (ඉමදූව), සහකාර ප්‍රධාන ලේකම් (දකුණු පළාත), සහකාර පළාත් පාලන කොමසාරිස් (ගාල්ල දිස්ත්‍රික්කය), පළාත් පාලන කොමසාරිස් (දකුණු පළාත), ප්‍රාදේශීය ලේකම් (යක්කලමුල්ල සහ බෝපේ-පෝද්දල), වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වැනි තනතුරු රැසක් හොබවා ඇති අතර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් කරනු ලබන අවස්ථාව වන විට ඒ මහතා දකුණු පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග...... අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පත් කරන ලද චන්දිම සී. මුහන්දිරම්ගේ මහතා, 2025.12.19 වන දින දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම් ලෙස නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
091 222 2603
077 741 6878
091 224 6299
chiefsec1@sltnet.lk
https://www.cs.sp.gov.lk
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS