ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන චන්දිම සී.මුහන්දිරම් මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය දිනාගෙන ඇති අතර රුහුණ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන ඇත. චන්දිම මුහන්දිරම් මහතා ඉන්දියාවේ ගුරු ගෝබින්ද් සිං ඉන්ද්‍ර ප්‍රස්ත විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය පළමු පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව දිනා ගැනීමට සමත් වී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් තම රාජකාරී ජීවිතය ආරම්භ කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන චන්දිම සී. මුහන්දිරම් මහතා රාජ්‍ය සේවයේ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර පාලන කොමසාරිස් ,පළාත් පාලන කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්,අමාත්‍යංශ අතිරේක ලේකම්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් සහ පළාත් අමාත්‍යංශ ලේකම් යන තනතුරු රැසක් දැරූ හසළ දැනුමකින් යුතු පරිණත රාජ්‍ය නිලධාරියෙකි. ගරු ජනාධිපතිතුමා විසින් චන්දිම සී. මුහන්දිරම් මහතා දකුණු පළාත් ප්‍රධාන ලේකම් ධූරයට පත් කරන ලදුව 2025.12.19 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
091 222 2603
077 741 6878
091 224 6299
chiefsec1@sltnet.lk
https://www.cs.sp.gov.lk
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS