පාලන අංශය

පළාත් සභා යාන්ත්‍රණයේ තුළ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් කාර්යක්ෂම සහ සඵලදායී පාලන රටාවක් ක්‍රියාත්මක කිරීම පාලන අංශය මඟින් සිදු කරයි. එහිදී දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය අභ්‍යන්තරය පාලන කටයුතු මෙන්ම පළාත් සභාවේ අනෙකුත් ආයතනයන්හි අතිකාල හා නිවාඩු දින වැටුප්, ස්ථාන මාරු, නිල නිවාස වෙන් කිරීම, නිවාඩු නිකේතන වෙන් කිරීම, හදිසි අනතුරු වන්දි, වාහන සම්බන්ධ කටයුතු වැනි සුවිශේෂි කාර්යයන් රාශියක් පාලන අංශය මඟින් සිදු කරනු ලබයි. මෙහි අංශ ප්‍රධානියා සහකාර ප්‍රධාන ලේකම් (පාලන) වන අතර එම තනතුර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) හා ප්‍රධාන ලේකම් වෙත වගකීමට බැඳ සිටි.

අපගේ දැක්ම

අපගේ දැක්ම

ආංශික විවිධත්වය ඒකීය පරමාර්ථයක් කරා මෙහෙයවන කාර්යක්ෂම හා සඵලදායී පාලන අංශයක්

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

මානව, මූල්‍ය හා භෞතික සම්පත් නිසි ප්‍රතිපත්ති සහ චක්‍ර ලේඛවලට අනුකූල අයුරින් මෙහෙයවීම හරහා වඩාත් අර්ථාන්විත පළාත් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණත්වය / කාර්යක්ෂමතාවය /ඵලදායීතාවය /විනිවිදභාවය /ප්‍රචාරාත්මකබව / සන්නි‍වේදනය / ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්


ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලැබෙන දෛනික තැපෑල අදාල අංශ වෙත නිසි පිරිදි යොමු කිරීම හා ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් යොමු කෙරෙන ලිපි කඩිනමින් බෙදා හැරීම..

දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනාගේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ, සභා ලේකම්ගේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු පස්දෙනාගේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ හා කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් හා වෙනත් මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒවාට අදාල සියලූම ආයතනික කටයුතු.

බෝගහපැලැස්ස හා මයුරපුර නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල සියලු කටයුතු

දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල වාහන වෙන්දේසි කිරීම හා අපහරණ කිරීමට අදාල කටයුතු

ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාහන වෙන් කිරීම, නඩත්තු කිරීම ආදී වාහන සම්බන්ධ සියලු කටයුතු

වාහන අනතුරු සම්බන්ධ සියලු කටයුතු

ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියලූම නිලධාරීන්ගේ දෛනික පැමිණීම හා නිවාඩු සම්බන්ධ සියලු කටයුතු

දුම්රිය බලපත්‍ර හා අග්‍රහාර රක්ෂණ හිමිකම් ගෙවීමට අදාල කටයුතු

දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල අතිකාල, නිවාඩු දින වැටුප් ගෙවීමට අදාල කටයුතු

ප්‍රධාන ලේකම් කාර්යාලයේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට අදාල සම්බන්ධ සියලු කටයුතු

ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ ඇප තැන්පත් සම්බන්ධ කටයුතු.

ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ආපදා ණය හා දේපළ ණය සම්බන්ධ සියලු රාජකාරී කටයුතු සිදු කිරීම

ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු සම්බන්ධ සියලු කටයුතු.

ප්‍රදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරන ලද සංවර්ධන නිලධාරීන්ගේ හා පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු හා සම්බන්ධ සියලු ආයතනික කටයුතු.

දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් (වාර්ෂික ස්ථාන මාරුවීම්, සුහද ස්ථාන මාරුවීම්, විනය හේතු මත සිදු කරන ස්ථාන මාරුවීම් හා තාවකාලික අනුයුක්ත කිරීම්) වලට අදාල සියළුම කටයුතු සිදු කිරීම..

දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් වලට අදාල දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වාගෙන යාම..

ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සේවක පුරප්පාඩු වාර්තාව මාසිකව සකස් කිරීම.

ලේඛනාගාරයට විධිමත්ව පවත්වාගෙන යාම හා නඩත්තු කටයුතු.

ISO හා ඵලදායීතා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම

ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරක්ෂක, සනීපාරක්ෂක සේවාවන් හා නඩත්තු වලට අදාල සියලු කටයුතු.

දකුණු පළාතේ සියලූම නිලධාරීන්ගේ හදිසි අනතුරු වන්දි ගෙවීම සම්බන්ධ සියලු රාජකාරි කටයුතු සිදු කිරීම..

ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් නිල නිවාස සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු

අංශයේ අනාගත සැලසුම්

දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් තොරතුරු පද්ධතිය සඳහා මාර්ගගත ක්‍රමයන් (online) හරහා අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීම

සේවාවන් සදහා වන පුරවැසි ප්‍රඥප්තිය


ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලැබෙන ලිපි සියල්ල අදාල අංශ වෙත යොමු කිරීම - පෙ.ව. 11.00 වන විට

දුරකථන/ විදුලි/ ජල සහ අනෙකුත් බිල්පත් නිරවුල් කිරීම සඳහා නිර්දේශ හා අනුමැතිය සහිතව ගිණුම් අංශය වෙත භාර දීම - දින 01

ඉන්ධන ඇනවුම් නිකුත් කිරීම - මිනිත්තු 15

අතිරේක ඉන්ධන අනුමත කර අදාල ආයතන වෙත යොමු කිරීම - දින 01

දුම්රිය බලපත් නිකුත් කිරීම - මිනිත්තු 05

හදිසි අනතුරු වන්දි ලබාදීම සඳහා ආණ්ඩුකාර ලේකම් වෙත නිර්දේශිත අයදුම්පත් ඉදිරිපත් කිරීම - දින 03

සංචිත වාහන රාජකාරි සඳහා වෙන් කිරීම සහ බස්රථ වෙන් කිරීම - මිනිත්තු 05

රු. 100,000/-ට වැඩි වාහන අළුත්වැඩියා බිල්පත් නිරවුල් කිරීම සඳහා ගිණුම් අංශය වෙත යොමු කිරීම - දින 07

ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහ අනුබද්ධිත ආයතන වල ආයතනික කටයුතු සිදු කිරීම - දින 07

ස්ථාන මාරුවීම් ලබාදීම (වාර්ෂික ස්ථාන මාරුවීම් හැර) - දින 03

අතිකාල දීමනා සඳහා අනුමැතිය ලබාදීම - දින 03

ප්‍රධාන ලේකම් කාර්යාලයේ පවත්වනු ලබන රැස්වීම් වාර්තා අදාල නිළධාරීන් වෙත ලබාදීම - දින 03

විදේශ නිවාඩු අයදුම්පත් නිර්දේශ කර අනුමැතිය ලබා දීම - දින 03

ආපදා ණය අයදුම්පත් අනුමත කර ගෙවීම සඳහා ගිණුම් අංශය වෙත ලබාදීම - දින 03

සේවා සහතික නිකුත් කිරීම- දින 01

බෝගහපැලැස්ස/ මයුරපුර නිවාඩු නිකේතන වල නවාතැන් පහසුකම් වෙන් කර දීම- මිනිත්තු 05

පාලන අංශයේ සේවයේ නියුතු නිළධාරීන්