මුදල් දෙපාර්තමේන්තුව

අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල/ පළාත් පාලන ආයතනවල විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම/ රජයේ ගෙවීම් / දීමනා චක්‍රලේඛ පළාත් සභාවට වලංගු කර ගැනීම, මාණ්ඩලික නිලධාරීන්ගේ දින වැටුප් අනුමත කිරීම, ගැසට් නිවේදන රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම, දකුණු පළාත් සභා මු.රි. 58 යටතේ අලාභ හානි පොත් වලින් කපා හැරීම, කෙටුම්පත් විගණකාධිපති වාර්තාවට පිළිතුරු සැපයීම, වාහන මිලදී ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම, මු.රි. 64 යටතේ පෙර වර්ෂවල ගෙවීම් වවුචර් සඳහා අනුමැතිය ලබා දීම.

අපගේ දැක්ම

අපගේ දැක්ම

මූල්‍ය විනයක් සහිත දකුණු පළාතක් නිර්මාණය කිරීම සඳහා ආධාර සැපයීම.

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

අමාත්‍යාංශවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය මග පෙන්වීම්, මූල්‍ය නියාමනය සහ උපදේශන සේවා සැපයීම, දකුණු පළාතේ පිහිටුවා ඇති දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල.

අපගේ අගයන්

අපගේ අගයන්

සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායීතාවය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්


අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු/ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල/ පළාත් පාලන ආයතනවල විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම.

වාර්ෂික විගණකාධිපති වාර්තාවට පිළිතුරු සැපයීම.

අංශයේ අනාගත සැලසුම්

අමාත්‍යාංශ / දෙපාර්තමේන්තුවල විගණන විමසුම් අවම කිරීම සඳහා පසු විපරම් රැස්වීම් පැවැත්වීම. විගණන විමසුම් වලින් පැන නඟින මූල්‍යමය ගැටළු නිරාකරණය කිරීමට දැනුවත් කිරීම හා උපදෙස් ලබාදීම

පුරවැසි ප්‍රඥප්ති සේවාවන්


රජයේ මුද්‍රණාලයට යොමුකරන ලද පළාත් සභා ගැසට් නිවේදන රජයේ ගැසට් පත්‍රයේ ඵල කිරිම - සති 03

විධායක නිලධාරීන්ගේ දින වැටුප් අනුමත කිරීම ( අයදුම්පත සම්පූර්ණ කර ඇති නම්) - දින 03

මු. රි. 64 (මු. රෙ.115) යටතේ ගෙවීම් වවුචර සඳහා අනුමැතිය ලබා දීම - දින 03 ( අයදුම් පත්‍රය ඇතුළු වවුචරය සම්පූර්ණ කර ඇති නම් )

ප්‍රසම්පාදන කමිටු පත් කිරිම - දින 03

පළාත් අමාත්‍යාංශ භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල අධීක්ෂණ කටයුතු

විවිධ දීමනා සඳහා අනුමැතිය ලබා දීම සඳහා ( ගරු ආණ්ඩුකාරවර වෙත යොමු කළ යුතු ලේඛන සම්පූර්ණ කර ඇත්නම්) - සති 02

වාර්ෂික විගණකාධිපති වාර්තාවට පිළිතුරු සැපයීම - දින 10

මුදල් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ, උපදෙස් ලිපි, ගැසට් නිවේදන සහ භාගතකිරිම්

මුදල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්