සංවර්ධන අංශය

පළාත් නිශ්චිත හා උපමාන පාදක සංවර්ධන සැලැස්මට අයත් නොවන ප්‍රධාන ලේකම් වැය ශීර්ෂය යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් / ව්‍යාපෘති සම්බන්ධීකරණය හා මෙහෙයවීම සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්ය භාරයයි. එමෙන්ම විදේශීය ආධාර ලබන සෞඛ්‍ය හා අධ්‍යාපන, ග්‍රාමීය පාලම් හා මාර්ග ව්‍යාපෘති ආදී ව්‍යාපෘතීන් ද ළගම පාසල හොදම පාසල ආදී රේඛීය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලය මගින් මුදල් ලබා දෙන ව්‍යාපෘති හා වැඩසටහන් ද මෙම අංශය මගින් සම්බන්ධීකරණය කෙරේ. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතට අදාළව තොරතුරු ලබා දීම, සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීම සහ දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම ද මෙම අංශය මගින් ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්යයන් වේ.

අපගේ දැක්ම

අපගේ දැක්ම

සෞභාග්‍යමත් දකුණු පළාතක් බිහි කිරීමට සංවර්ධන ක්‍රියාවලියේ දී අවශ්‍ය කරන දායකත්වය ලබා දීම

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

“ සෞභාග්‍යමත් දකුණු පළාතක් බිහි කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට පළාතේ සියලුම ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් මානව, මූල්‍ය , භෞතික හා ස්වභාවික සම්පත් සංවර්ධන ක්‍රියාවලිය උදෙසා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස යොදවා ගැනීම.”.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණත්වය, කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාරාත්මකභවාය, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්


දකුණු පළාත් සංවර්ධන සැලැස්ම යටතේ විශේෂ ,තුලිත හා පසුබට කලාප සංවර්ධන වැඩසටහන් වලට අදාළ සම්බන්ධීකරණ කටයුතු

දකුණු පළාත් සභාව තුළ ඉඩම් අත්පත් කිරීමේ ක්‍රියාවලිය

දකුණු පළාත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම

මධ්‍යම රජයේ හා පළාත් සභාවේ විදේශීය ආධාර ලබන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාල සම්බන්ධීකරණ කටයුතු (ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැඩසටහන් , ග්‍රාමීය පාලම් ඉදිකීරීමේ ව්‍යාපෘති ආදී).

පාර්ලිමේන්තු සහ පළාත් සභා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ සම්බන්ධීකරණ කටයුතු

අගමැති කාර්යාලයෙන් / ජනාධීපති කාර්යාලයෙන් / පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් / අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් සහ මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ පහසුකම් සැපයීමට අදාල කටයුතු

මධ්‍යම රජයේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමට අදාල කටයුතු

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය හා පවත්නා පළාත් පාලන ආයතන ශ්‍රේණිගත කිරීමට අදාල කටයුතු

පළාත් සභාවේ හෝ මධ්‍යම රජයේ ප්‍රධාන ආයතන හා අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු

තොරතුරු දැනගැනී‍මේ පනතට අදාළ සියළු කටයුතු සම්බන්ධීකරණ

ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විවිධ මෙහෙයුම් කමිටු වලට අදාළ සම්බන්ධීකරණ කටයුතු (දකුණු පළාත් ළමා මෙහෙයුම් කමිටුව , දකුණු පළාත් ජල කමිටුව ආදී)

ආපදා කළමනාකරණ , ළමා හා කාන්තා ,වාරිමාර්ග හා සංචාරක ක්ෂේත්‍ර වලට අදාල සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය ඉදිකිරීම් වලට අදාල කටයුතු.

ජනපතිට කියන්න වැඩසටහන යටතේ මහජන පැමිණිලි වලට අදාල තොරතුරු අන්තර්ජාලය මගින් කඩිනමින් අදාල ආයතන වලට යොමු කිරීම .

දේශීය ණය අරමුදල සම්බන්ධ කටයුතු

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන විශේෂිත සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය

දකුණු පළාතේ ක්‍රියාත්මක විශේෂ ආගමික / පළාතේ ජාතික උත්සව සම්බන්ධීකරණ කටයුතු.

ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඉදිරිපත් වන සංවර්ධන යෝජනාවලට අදාල කටයුතු සම්බන්ධීකරණය

අංශයේ අනාගත සැලසුම්

2020 - 2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. අංශය මගින් ක්‍රියාත්මක කරන තෝරා ගත් වැඩසටහන් වලට අදාළව මෘදුකාංග සකස් කිරීම

සේවාවන් සදහා වන පුරවැසි ප්‍රඥප්තිය


ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ අනෙකුත් එවැනි ආයතන වලින් ලැබෙන මහජන ඉල්ලීම්, පෙත්සම් සම්බන්ධව කටයුතු කිරීම. - දින 03

පළාත් සභාවෙන්, රේඛීය අමාත්‍යාංශ උපදේශක කාරක සභාවනේ මහජන පෙත්සම් කාරක සභාවෙන් ඇතුළු වගකිව වුතු ආයතන වලින් යොමු කරන පැමිණිලි/ඉල්ලීම් සම්බන්ධව තොරතුරු ලබා දීම ( අවසාන තොරතුරු ලැබීමෙන් පසුව ) - දින 03

පාර්ලිමේන්තු ප්‍රකාශනවලට හා පළාත් සභා ප්‍රශ්න වලට පිළිතුරු යැවීම සහ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ( අවසාන තොරතුරු ලැබීමෙන් පසුව ) - දින 03

පළාත් සභා පෙත්සම්කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාවට අදාල කටයුතු සමබන්ධීකරණය ( අවසාන තොරතුරු ලැබීමෙන් පසුව ) - දින 03

ළමා, ආපදා කළමනාකරණය, ජලසම්පාදන, මත්ද්‍රව්‍ය නිවාරණය , ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, ඩෙංගු රෝග නිවාරණ කමිටු පවත්වා කමිටු තීරණ දැනුම් දීම - සති 01

දකුණු පළාත් ප්‍රතිපත්ති ප්‍රකාශ සැකසීම (අවසාන තොරතුරු ලැබීමෙන් පසුව ) - සති 03

දකුණු පළාත් ආරාධිත නාම ලේඛණය සකස් කිරීම හා යාවත්කාලීන කිරීම. ( අවසාන තොරතුරු ලැබීමෙන් පසුව ) - සති 02

ජනාධිපති ශිෂ්‍යත්වලාභි නාම ලේඛණ පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂ වෙතින් ලබා ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම (අවසාන තොරතුරු ලබා ගැනීමෙන් පසුව ) - දින 03

ළගම පාසල හොදම පාසල වැඩසටහනට අදාල ප්‍රගති වාර්තා ප්‍රධාන ලේකම් විසින් නිර්දේශ කිරීමෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙත යොමු කිරීම - දින 01

සෞඛ්‍ය සංවර්ධන හා අධ්‍යාපන ව්‍යාපෘති සැලැස්ම හා සංශෝධන ප්‍රධාන ලේකම් විසින් නිර්දේශ කිරීමෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙත යොමු කිරීම - දින 01

ජනපතිට කියන්න වැඩසටහන යටතේ අදාළ පැමිණිලි යොමු කිරීම - විනාඩි 10

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව තොරතුරු ඉල්ලීම. තොරතුරු නිලධාරියා වෙත ලබා දීම - විනාඩි 10

සංවර්ධන අංශයේ සේවයේ නියුතු නිළධාරීන්