නිතර අසන පැන

මුල් පිටුව / නි.අ.පැ.

අපගේ සේවාවන් පිළිබදව තවත් දැනගන්න

ඔබ අපෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න. පහත Links මගින් දැනගන්න

දකුණු පළාත් රාජ්‍ය සේවයේ සිට මධ්‍යම රජයට හෝ වෙනත් පළාතකට (අන්තර් පළාත්) ස්ථාන මාරු සිදු කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවා ද?


1. සම්පූර්ණ කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/91 ප්‍රකාර අයදුම් පත්‍ර 04ක්
2. ස්ථාන මාරු අපේක්ෂිත නිලධාරියාගේ/ නිලධාරිනියගේ ස්ථාන මාරු ඉල්ලීම් ලිපිය
3. ස්ථාන මාරු අපේක්ෂිත නිලධාරියා/ නිලධාරිනිය සම්බන්ධයෙන් විගණන විමසුම් හා විනය පරීක්ෂණ පවතී ද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියාගේ නිර්දේශිත ලිපිය
4. නිලධාරියා ජේෂ්ඨතා ලේඛනයේ අගට තැබීමේ කොන්දේසියට එකඟ වන බව සඳහන් දිවුරුම් ප්‍රකාශය
5. නිලධාරියා ස්ථාන මාරු වීමට අපේක්ෂිත පළාතේ ඕනෑම ප්‍ර දේශයක සේවය කිරීමට එකඟ වන බව සඳහන් දිවුරුම් ප්‍රකාශය
6. ස්ථිර පදිංචිය වෙනස් කිරීම මත ස්ථාන මාරු වීම අපේක්ෂා කරන්නේ නම්, ස්ථිර පදිංචිය සනාථ කරන බවට ග්‍රාම නිලධාරි සහතිකය
7. විවාහ වීම මත ස්ථාන මාරු වීම අපේක්ෂා කරන්නේ නම්, විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්
8. සේවය ස්ථිර කිරීම් ලිපියේ සහතික කරන ලද පිටපකත්
9. සේවය ස්ථිර කර නොමැති නම්, පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපත සහ විභාග කොමසාරිස් විසින් සනාථ කරන ලද විභාග ප්‍රතිඵල ලේඛනවල සහතික කරන ලද පිටපත්
--- ස්ථාන මාරුවීම් අයදුම්පත්‍රය ---

දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරීන් දකුණු පළාත් සභාවට අන්තර්ග්‍රහනය කිරීමට අදාළ ලියකියවිලි

1. අන්තර් ග්‍රහනය කිරීමේ අයදුම්පත (මුල් පිටපත)
2. අන්තර් ග්‍රහනය සඳහා ඉල්ලුම් කිරීම වසරකට වඩා ප්‍රමාද වී ඇත්නම් ඊට හේතු දක්වන ලද ලිපිය (මුල් පිටපත)
3. පත්වීමේ ලිපිය (සහතික පිටපත)
4. සේවය ස්ථිර කිරීමේ ලිපිය
5. පෙර සේවා ස්ථානයෙන් නිදහස් කිරීමේ ලිපිය (සහතික පිටපත)
6. දකුණු පළාත් සභාවේ සේවයට වාර්තා කළ බව (වැඩ භාරගත් බවට) සඳහන් ලිපිය(සහතික පිටපත)

විශ්‍රාමික රජයේ නිලධාරීන් කොන්ත්‍රත් පදනම මත නැවත සේවයේ යෙදීම සඳහා ඉල්ලුම් කිරීමේදි අවශ්‍ය වන ලියවිලි සහ ක්‍රියා පිළිවෙල කුමක් ද?

1. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක: 03/2018හි සඳහන් සියලු විධිවිධාන අනුගමනය කල යුතුයි. .
2. රා.ප.ච. 03/2018 හි අන්තර්ගත නැවත සේවයේ යෙදවීම සඳහා ඉල්ලීම් කිරීමේ අයදුම් පත නිසි පරිදි සම්පුර්ණ කර එය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හා අමාත්‍යාංශ ලේකම් මඟින් සහතික කර ගත යුතුය..
3. දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන් පමණක් රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 03/2019 ප්‍රකාරව EST-01අයදුම්පත සම්පුර්ණ කර ඉදිරිපත් කල යුතුය.
4. සේවය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.( රා.ප.ච. 03/2018 අනුව වයස අවුරුදු 67 සම්පුර්ණ කර නැති නිලධාරීන් පමණක් ඉල්ලුම් කල යුතුයි).
5. ඉල්ලුම්කරුගේ සියළුම ජීව දත්ත තොරතුරු ඇතුලත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම කල යුතුය.(නම, ශ්‍රේණිය, ලිපිනය, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය) කොන්ත්‍රාත් පදනමට පත් කරන තනතුර, ආයතනය, සේවය, කාල සීමාව, අවසන් වරට සේවය කළ තනතුර, ස්ථානය, විශ්‍රාම ගත් දිනය, විශ්‍රාම ගත් ආකාරය, මීට පෙර කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇත්ද, එසේ නම් අදාළ තොරතුරු, විනය පරීක්ෂණ පවතී ද යන්න, අමාතශාංශ ලේකම්ගේ නිර්දේශය).
6. නැවත සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්ගේ/ ආයතන ප්‍රධානි නිර්දේශය ලබා ගෙන ඉදිරිපත් කල යුතුය.

අවශ්‍යවන ලේඛන

උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත් .,විධිමත්ව විශ්‍රාම ගැන්වීමේ ලිපියේ සහතික කල පිටපතක්. මෑතකදී ගත් සහතික කල වෛද්‍ය වාර්තාවක්. මුල් පත්වීම් ලිපියේ සහතික කල පිටපතක්.

ස්ථාන මාරු අයදුම්පතක් යොමු කර තිබියදී ස්ථාන මාරු අපේක්ෂිත සේවා ස්ථානයක පුරප්පාඩුවක් ඇති වුවහොත් ස්ථාන මාරුව ලබා දෙන්නේද?


1. ස්ථාන මාරු අපේක්ෂිත සේවා ස්ථානයක පුරප්පාඩුවක් ඇති වුවද ස්ථාන මාරු අයදුම්පතේ සඳහන් නිර්දේශය අනුව ස්ථාන මාරුව ලබා දිය හැකිද නොහැකිද යන්න තීරණය වේ.
උදා :- 1. අනුප්‍රාප්තික සහිතව” ස්ථාන මාරුව සිදුකරන ලෙස ආයතන ප්‍රධානියා විසින් නිර්දේශ කර ඇතිනම්, ස්ථාන මාරුව අපේක්ෂිත නිලධාරියාගේ සේවා ස්ථානයට අනුප්‍රාප්තිකු ගැලපීම සිදුකළ නොහැකි නම් ස්ථාන මාරුව ලබා දිය නොහැක.
2. “අනුප්‍රාප්තිකයකු රහිතව/ අනුප්‍රාප්තික පසුව ලබාදීමේ පදනම මත/ නව බඳවා ගැනීමකදී අනුප්‍රාප්තිකයකු ලබාදීම” යන නිර්දේශ මත ස්ථාන මාරුව සිදුකරන ලෙස ආයතන ප්‍රධානියා විසින් සඳහන් කර ඇතිනම්, ස්ථාන මාරුව අපේක්ෂිත නිලධාරියාගේ සේවා ස්ථානයට ස්ථාන මාරුව සිදුකරන අවස්ථාවේදී අනුප්රාමප්තිකයෙකු ලබාදීම අත්‍යාවශ්‍ය නොවන බැවින් ස්ථාන මාරුව ලබා දිය හැක.
ස්ථාන මාරු අයදුම්පතක් එවා ඇති නමුත් ස්ථාන මාරුවක් නොලැබී ඇතිවිට
1. එම ස්ථාන මාරු අයදුම්පත ප්‍රධාන ලේකම් කාර්යාලයීය ස්ථාන මාරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇත. නමුත් මේ අවස්ථාවේදී ස්ථාන මාරු ඉල්ලීම ගැලපීම් කළ නොහැකි බැවින් ඉදිරියේදී සලකා බැලීම සඳහා ස්ථාන මාරු දත්ත පද්ධතියේ තවදුරටත් රඳවා ගෙන ඇත..
2. ස්ථාන මාරු ගැලපීම් කිරීමේදී ආයතන ප්‍රධානියාගේ නිර්දේශෙ හා නිලධාරියා විසින් ස්ථාන මාරු අපේක්ෂිත සේවා ස්ථාන කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

ස්ථාන මාරු අයදුම්පතේ සඳහන් තොරතුරු වෙනස් කිරීම හෝ අයදුම්පත අවලංගු කිරීම සිදුකරන්නේ කෙසේද?
1. ස්ථාන මාරු ඉල්ලීම අවලංගු කිරීමට හෝ ස්ථාන මාරු අයදුම්පත්වල සඳහන් කරුණු වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් ආයතන ප්‍රධානිගේ නිර්දේශ සහිතව දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත එවීමට කටයුතු කළ යුතුය.